තෙල් සංස්ථා සිදුවීමට රිමාන්ඩ් කළ නාගරික මන්ත්‍රීට අැප

Share

පසුගිය ඔක්තෝබර් 28වනදා දෙමටගොඩ පිහිටි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මුලස්ථානයට අයුතු ලෙස ඇතුළ්වීම හා අයුතු ජනරාශිය යන චෝදනා යටතේ කොළඹ අපරාද කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටි කොළඹ නගර සභාවේ පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරයා වන කුලතිස්ස ගීකියනගේ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළේය.
ඒ අනුව සැකකරු රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සෑම ඉරුදිනකම කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ වාර්තා කළ යුතු බවටද කොන්දේසියක් පනවනු ලැබූවේය.
ඇප මත නිදහස් වීමෙන් පසුව සාමය කඩවන ක්‍රියාවල නිරත වීමෙන් වළකින මෙන් සැකකරුට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරිය එසේ කළ බවට පැමිණිලි ඉදිරිපත් වූවොත් ඇප අවලංගු කොට යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටද කොන්දේසියක් පනවනු ලැබීය.
මේ අතර මෙම කලාකාරිය සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් තවත් සැකකරුවකු ලබන 25 දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට ද මහේස්ත්‍රාත්වරිය නියම කළේය.
මේ අතර තෙල් සංස්ථාව තුළ ඇතිවූ කලාකාර සිද්ධිය අවස්ථාවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත් වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටිනව අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළේය.
ඒ අනුව අදාළ සැකකරු ලබන 01 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියම කළේය.

Read more

Local News