ආදර්ශ ගම්මාන දෙකක් ජනතා අයිතියට

Share

කුරුණෑගල ගල්ගමුව- මඩදොඹේ ඉදි වූ දඹරන්පුර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල- සේරුනුවර ඉදි වූ ආදර්ශ ගම්මාන අද(19), හෙට(20) දෙදින තුළ ජනතා අයිතියට පත් කිරිමට නියමිතයි.

මෙම ආදර්ශ ගම්මාන නිවාස හා ඉදි කිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනතා අයිතියට පත් කෙරෙන අතර මෙම ව්‍යාපෘතිය නව නිවාස 25ක්, ජල හා විදුලිය පහසුකම්, අභ්‍යන්තර මාර්ග පහසුකම් ඇතුළු ප්‍රවේශ මාර්ගවලින් සමන්විතය.

කුරුණෑගල ගල්ගමුව- මඩදොඹේ ඉදි වූ දඹරන්පුර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල- සේරුනුවර ආදර්ශ ගම්මානවල පවුල් 25 ට නිවාස හිමිකම් ලබා දීමත්, දඹරන්පුර ආදර්ශ ගම්මානයේ පවුල් 25 කට රුපියල් ලක්ෂ 337.5ක් වටිනා සංවර්ධිත බිම් කොටස් හිමිකම් ලබා දීමත්, සේරුවිල- සේරුනුවර ආදර්ශ ගම්මානයේ පවුල් 25 කට වටිනාකම රුපියල් ලක්ෂ 75ක සංවර්ධිත බිම් කොටස් හිමිකම් ලබා දීමත් සිදු වේ.

දඹරන්පුර ආදර්ශ ගම්මානයේ ප්‍රතිලාභීන් 400 ක් සදහා රුපියල් ලක්ෂ 883.5 ක වටිනාකමින් යුත් ‘විසිරි ණය’ චෙක්පත් ප්‍රදානයත්, සේරුවිල- සේරුනුවර ආදර්ශ ගම්මානයේ 100 ක් සදහා රුපියල් ලක්ෂ 200 ක වටිනාකමින් යුත් ‘විසිරි ණය’ චෙක්පත් ප්‍රදානයත්, දඹරන්පුර ආදර්ශ ගම්මානයේ, සේරුවිල- සේරුනුවර ආදර්ශ ගම්මානයේ ප්‍රතිලාභීන් සදහා වටිනාකම රුපියල් ලක්ෂ 17ක සහ ලක්ෂ 177ක ‘විරුසුමිතුරු නිවාස’ ආධාර චෙක්පත් ප්‍රදානයත් මෙහිදී සිදු කරයි.

මීට අමතරව මෙම ආදර්ශ ගම්මානවල ප්‍රතිලාභීන් සඳහා වටිනාකම රුපියල් ලක්ෂ 20ක හා ලක්ෂ 50ක සොදුරු පියස නිවාස ණය ප්‍රදානයත් සිදු කරයි.

දඹරන්පුර ආදර්ශ ගම්මානයේ ප්‍රතිලාභීන් සදහා වටිනාකම රුපියල් ලක්ෂ 60ක ශ්‍රම ශක්ති නිවාස ආධාර ප්‍රදානයත්, සේරුවිල- සේරුනුවර ආදර්ශ ගම්මානයේ ප්‍රතිලාභීන් 200ක් සදහා වටිනාකම රුපියල් ලක්ෂ 1000ක නිවාස ආධාර චෙක්පත් ප්‍රධානයත් වකුගඩු රෝගීන් සදහා වටිනාකම රුපියල් ලක්ෂ 43.5ක නිවාස ආධාර චෙක්පත් ප්‍රදානයත් සිදු වේ.

Read more

Local News