සිරිසරණගම ජන අයිතියට

Share

නිවසක් නොමැති රණ විරුවන්ගෙන් මුදල් අය නොකර ඔවුන්ට ඉඩම් හා නිවාස නොමිලයේ ලබා දීමට කටයුතු කළේ තම රජ පමනක් බව නිවාස ,ඉදි කිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“යළි පිබිදුනු ගම් උදාව” වැඩසටහන යටතේ දිවයිනේ 152 වන උදා ගම්මානය වන “සිරිසරණගම” හම්බන්තොට දිස්ත්‍රීක්කයේ අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේදී ජනතා අයිතියට පත් කිරිමේ උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

නව නිවාස 23 කින් “සිරිසරණගම” උදා ගම්මානය සමන්විත වන අතර ඉඩමක් හා නිවසක් නොමැති පවුල් 23 කට මෙම ගම්මානයෙන් නොමිලේ ඉඩම් ලබා දී මෙහි නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ඉතා සුළු පොළී ණය මුදල්ද ලබා දී තිබේ.

ඔවුන් ඊට තම මුදල්ද එක්කර ඉතා අපූරු නිවාස ඉදිකරගෙන තිබේ.

මෙම උදා ගම්මානයේ කටයුතු අංග සම්පූර්ණව නිම කිරීම සඳහා රුපියල් ලක්ෂ 212 ක පමණ මුදලක් වැය කර ඇත.

පිරිසිදු පානීය නළ ජලය, විදුලිය, ප්රෂවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් “සිරිසරණගම” උදා ගම්මානය සමන්විතයි.

මෙලෙස උදා ගම්මාන ඇති කිරිමේ ඉලක්කය වන්නේ 2019 වසරේ සැප්තැම්බර් මස අවසන් වන විට රට තුළ උදා ගම්මාන 2,500 ක් ඉදිකිරීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එහිදි  ප්‍රකාශ කළේය.

Read more

Local News