රැදවියන්ට පහරදීමේ සිද්ධියේ පළමු කමිටු වාර්තාව අද තලතාට

Share

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පළමු ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව අද(21) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය වෙත බාර දීමට නියමිතයි.

පසුගිය වසරේ නොවැම්බර් මස 22 වන දින අඟුණකොළපැලැස්ස බන්ධාගාරයේ රැඳවියන්ට එහි ප්‍රධානීන් විසින් ඉතා අමානුෂික ලෙස පහර දෙන විඩියෝවක් මාධ්‍ය වෙත ඉදිරිපත්ව තිබුණි.

සිරකරු අයිතීන් සුරකීමේ කමිටුව කොළඹ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් අදාළ විඩියෝව නිකුත් කර තිබු අතර ඔවුන් ඒ පිළිබඳව පැමිණිලි කිහිපයක්ද ඉදිරිපත් කළේය.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා කණ්ඩායම් 2ක් පත් කරනු ලැබුවේය.

මින් එක් කණ්ඩායමක පරීක්ෂණ වාර්තාව අද දිනයේ අමාත්‍යවරිය වෙත ලබා දීමට නියමිතයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිමට පත් කළ දෙවන පරික්ෂණ කමිටුවේ වාර්තාව එළඹෙන 25 වන දිනට ප්‍රථම විෂය බාර අමාත්‍යවරිය වෙත බාර දීමට නියමිතයි.

Read more

Local News