වයඹ සරසවි ජ්‍යෙෂ්ඨ සිසුන් 14ක් රිමාන්ඩ්

Share

නවක වදයට එරෙහි වූ බව කියන සිසුන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධව කුලියාපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ වයඹ සරසවියේ ජ්‍යෙෂ්ඨ සිසුන් 14 දෙනෙකු මේ මස 28 දක්වා රක‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය නියම කළාය.

එදිනට පහර කෑ පැමිණිළිකාර ආධුනික සිසුන්ට අදාළ වෛද්‍ය වාර්තා ඉදිරිපත්කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළේය.

ඒ ඊයේ (21) සැකකාර ජ්‍යෙෂ්ඨ සරසවි සිසුන් කුලියාපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

1998 අංක 20 දරණ අධ්‍යාපනික ආයතනවල නවක වධය හා වෙනත් ස්වරූපයේ කායික ක්‍රියා තහනම් කිරීමේ පනතේ පළමු හා තෙවැනි වගන්ති අනුව මෙන්ම ලංකා දණ්ඩනීති සංග්‍රහය් 316 සිසුන් වරදක් කර ඇති බව පෙපනෙන බැව් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියහ.

පොලීසිය දක්වන කරුණු අනුව අදාළ පනතෙහි 2 වැනි වගන්තියට අදාළ වරදක්දැයි පූර්ණ වාර්තාවක් ද එළැඹෙන නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙසටද නියම කරමින් එතෙක් ජ්‍යෙෂ්ඨ සිසු පිරිස රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියම කළේය.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කුලියාපිටිය පොලිස් විවිධ පැමිණිළි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක‍ෂක ආනන්ද පොලිස් සැරයන් ජයන්ත යන මහත්වරුන් සමඟ නීතිඥ චන්ද්‍රකීර්ති රංකොත්, අනුර සිරි දිසානායක යන මහත්වරුන් පෙනීසිට කරුණු දැක්වූ අතර සැකකාර සරසවි සිසුන් වෙනුවෙන් නීතිඥ චම්පික ලසිතකුමාර, උපුල් අලගියවන්න, දයානි එදිරිසිංහ යන මහත්ම මහත්මීන් පෙනී සිටියහ.

Read more

Local News