තිස්සගේ නඩුව ලබන මසට කල්යයි

Share

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ලබන මස 12 වනදා කැඳවන මෙන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේය.

මෙම නඩුව අද(22) දින විභාගයට ගැනීමට නියමිතව තිබුණත් එය මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා විශේෂ මහාධිකරණයේ නඩු විභාගයකට සහභාගි වන බැවින් මෙම නඩුවේ විභාගය කල් තබන මෙන් රජයේ නීතිඥවරයා ඉල්ලා සිටියේය.
විත්තිකාර තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව දිගින් දිගට කල්යාම නිසා තම සේවාදායකයාට දැඩි අගතියක් සිදුව ඇති බවයි.
එම නිසා මෙම නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කරන නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
කෙසේවෙතත් නඩුවේ විභාගය ලබන 12 වනදාට කල් දැමූ විනිසුරුවරයා එදින මේ සම්බන්ධයෙන් කරුණු සලකා බලන බවයි කියා සිටියේ.

පසුගිය ජනාධිපතිවරණය සමයේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රාශිගත ගිවිසුමක් පවතින බවට ලේඛනයක් ප්‍රසිද්ධියට පත්කිරීම තුළින් ජාතීන් අතර සුහදතාවය ආකාරයෙන් ක්‍රියා කර එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනාකල නිතිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

Read more

Local News