අති නවීන features රාශියකින් සමන්විත ලංකාවට ආපු මේ සුපිරිම smart scooter එක මොකද්ද?

Share

සාමාන්‍යයෙන් GPS වගේ features තියෙන්නේ අලුත් කාර් වල. ඒත් අපි මේ කියන්න යන්නේ ලංකාවට ආපු smartphone එකට connect කරන්න පුළුවන් Bluetooth තියෙන සුපිරිම සුපිරි ස්කූටරයක් ගැන. මේ ස්කූටරේ නම TVS NTORQ125. මේ ස්කූටරේ නිෂ්පාදනය කරලා තියෙන්නේ stealth aircraft වල design එක තරමක් දුරට අභාශයට අරගෙන.

NTORQ ස්කූටරේ බල ගැන්වෙන්නේ 3 valve 125 CVTi එන්ජිමකින් ඒවගේම පැයට කිලෝමීටර් 95 ක top speed එකෙන් යන්නත් පුළුවන්. මේ ස්කූටරේ සුපිරි racing inspired performance feature එකක් තියෙනවා. ඒ තමා තත්පර 9 වගේ පොඩි කාලෙකින් 0 – 60 ට pick up කරලා ගන්න පුළුවන්. Mileage එක ගත්තාම ස්කූටරේ ලීටරයකට 47 km තෙල් කරනවා. ඒකට ඔයාගේ riding style එක ඒවගේම road condition එකත් බලපානවා. Long distance ride කරන අය කියන්නේ ලිටරේට 50 km වඩා ටිකක් තෙල් කරනවා කියලා.

TVS NTORQ 125 ස්කූටරේ styling සහ design එක අතින් ගත්තාම මේකේ design එකට ආභාෂය අරන් තියෙන්නේ stealth aircraft වල design එකෙන්. ඒවගේම ස්කූටරේ ගොඩක් අයට note වෙන දෙයක් තමා පසුපස T shape විදුලි ලාම්පුව. Sporty look එකක් තියෙන muffler (silencer), batwing style daytime running lights, ඒවගේම යුධ ගුවන් යානා වල පවතින afterburner වගේ style එකට නිමවා ඇති rear vents, Gaming Console වල විදියේ speedometer එක වගේ design features TVS NTORQ 125 ස්කූටරේට දෙන්නේ නියම ගැම්මක් තියෙන look එකක්. කොල්ලෙක් මේවගේ ස්කූටරයකට යන්න දෙපාරක් හිතන්නේ නෑ කියලා තමා අපි දන්නා අදුනන young සෙට් එක කියන්නේ.

කතාවට කියන්නේ දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියල. ඒත් හැබැයි TVS NTORQ 125 ඔයා ගාව තියෙනකන් රට වටේ කිසිම බයක් නැතුව ගිහින් එන්න පුළුවන්. මොකද ඔයාගේ phone එකයි ස්කූටරෙයි  Bluetooth හරහා TVS SMART X CONNECT app එකෙන් connect කරගන්න පුළුවන් (App එක මෙතැනින් download කරගන්න: https://play.google.com/store/apps/details?id=com.tvsmotor.tvsm). එකේ තියෙන Navigation Assist හරහා ඔයා යන එන තැන් වල map එක digital console එකේ display වෙනවා. ඉතින් ආයේ බය නැතුව රට වටේම ගිහින් එන්න පුළුවන්. ඒ විතරක් නෙවේ NTORQ එකයි ඔයාගේ Android OS තියෙන Smartphone එකයි connect කරන්න පුළුවන් නිසා ඔයාට Call කරන්නේ කවුද SMS කරන්නේ කවුද කියලා display වෙනවා. ඔයාගේ ride එකේ reports ගන්නත් පුළුවන්. ඔයාගේ ස්කූටරේ ගොඩාක් ලොකු parking area එකක park කලාම කිසිම කරදරයක් නැතුව last parked location කියන function එකෙන් ස්කූටෙරේ තියෙන තැන හොයාගන්න පුළුවන්. ඒවගේම ඔයාගේ ride එකේ details කෙලින්ම Facebook, Twitter වගේ ඔයාගේ social media profiles වල share කර ගන්නත් පුළුවන්. USB charger එකට ගහලා Phone එක charge කරගන්න පුළුවන් නිසා දුර ගමනක් යද්දී ඔයාට බය වෙන්න දෙයක් නෑ.

 

TVS NTORQ125 ස්කූටර් එකයි ඔයාගේ Android OS Smartphone එකයි connect කර ගන්න හැටි මෙතැනින් බලන්න: https://www.youtube.com/watch?v=2-fVkI95qXI

 

 

TVS NTORQ 125 ස්කූටරේ version 2 කින් වෙළඳපොළට එනවා.

 

NTORQ Disk         Rs 265,900/-

NTORQ Drum        Rs 254,900/-

 

Style, Performance, Technology, Convenience, Comfort ඒවගේම Safety කියන්නේ ස්කූටරයක් ගන්න කලින් කෙනෙක් හොයලා බලන කරුණු. මේ පහතින් තියෙන features වලින් 30 ක් පළවෙනියටම හඳුන්වා දුන්නේ TVS NTORQ125 ස්කූටරෙන්

 

STYLE

 

  • Signature ‘T’ Rear Lamp
  • Sporty Stubby Muffler
  • Large Wheels 12 Diamond Cut Alloys
  • Bold Chunky Tyres
  • Batwing Styled Daytime Running Lights
  • 220Mm Roto Petal Front Disc Brakes
  • Unique 3D NTORQ Logo
  • Sporty Split Grab Rail
  • Afterburner Style Rear Events
  • Aggressive Front Cluster
  • Gaming Console Inspired Speedometer
  • Split Tyre Rear Fender

PERFORMANCE

 

  • 3-Valve 125cc engine
  • TVS Racing Inspired Performance
  • Power- 9.4RS @ 7500RPM
  • Top Speed- 95KMPH
  • In-built Lap Time
  • 0-60 records
  • 0 To 60 in 9 seconds
  • Power Eco-mode Indicator LED

TECHNOLOGY

 

  • Bluetooth connected Speedometer
  • Full Digital Console with 55 Features
  • Multi Mode Display – Street, Sport & Ride Stats
  • Ride Stats Best Lap & Last Lap
  • Personalized Welcome Message
  • Incoming Call Alerts
  • Incoming SMS Alerts
  • Missed Call Alerts
  • Navigation Assist
  • Engine Temperature Indicator
  • Phone Signal Strength Display
  • Phone Battery Strength Display
  • Auto Sync Clock
  • Last Parked Location Assist
  • Trip Report Generation
  • ‘Auto Reply SMS
  • Exclusive Rider’s App (TVS SMART X CONNECT)

 

COMFORT

  • Double Stitched Hysteresis Seat
  • Patented EZ ‘C’ centered Stand
  • Telescopic Suspension
  • Least turning radius

 

 

CONVENIENCE

 

  • Engine Kill Switch- Switch on/off engine without the help of keys
  • Pass By Switch
  • Trip F for fuel on reserve
  • Low Fuel Indicator LED
  • 22lts Under Seat Storage
  • USB Charger cum Light- Two-in-One product for better accessibility
  • Aircraft Type External fuel Fill
  • Dual Steering Lock
  • High-Speed Alerts for safe rides

SAFETY

 

  • Parking Brakes
  • 220Mm Roto Petal Disc brakes

 

මෙතැනින් TVS NTORQ 125 ස්කූටරේ commercial එක බලන්න www.youtube.com/watch?v=AZKglL54nUI

 

ඔයාට TVS NTORQ 125 ස්කූටරේ ගැන වැඩි දුර තොරතුරු  දැනගන්න පහළ තියෙන links වලට යන්න පුළුවන්.

 

www.facebook.com/TVSLanka.lk/ (Facebook)

www.instagram.com/tvslanka_official/ (Instagram)

www.tvslanka.lk/product/ntorq/ (Website)

 

TVS NTORQ 125 ස්කූටරේ ගැන මොකද ඔයාලා හිතන්නේ?

 

 

 

 

 

 

 

 

Read more

Local News