සේනා මෙන් තවත් දළඹු වර්ගයක් දිඹුලාගලින්

Share

‘සේනා’ දළඹුවා මෙන් බඩඉරිඟු වගාවට සහ වී වගාවට හානි කරන තවත් දළඹු වර්ගයක් දිඹුලාගල, මනම්පිටිය, වෙල්යාය ප්‍රදේශයේ ගොයමක සිටියදී ඊයේ (23) ගොවි මහතෙකුට හමුවී තිබේ.

මනම්පිටිය, දළුකාන ප්‍රදේශයේ පදිංචි එස්. ප්‍රේමදාස (අවු.50) මහතාට ඔහුගේ කුඹුරේ ගොයම් කොළවල සිටියදී අදාළ දළඹුවා හමුවී ඇත.

එම දළඹුවා ගොයම් කොළද කා ඇති අතර, එවැනි දළඹුවන් තම කුඹුරේ තවත් දැකිය හැකි බවත්, අනිකුත් වී වගාවන්ට මෙන් භෝග වගාවටද වැලඳීමට පෙර මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙසඅදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එස්. ප්‍රේමදාස මහතා පැවසීය.

දිඹුලාගල මහවැලි කොට්ඨාස කළමනාකාර තුසිත හේරත් මහතා පැවසුවේෙ “සේනා දළඹුවා පිළිබඳ මනම්පිටිය ප්‍ර‘දේශවලින් වාර්තා වුණා. නමුත් ගොයමට හානි කරන ඔය කියන දළඹුවා පිළිබඳ අපි දන්නේ නැහැ. අපි ඒ පිළිබඳ කෘෂිකර්ම උපදේශක දැනුවත් කරලා වහාම පරීක්ෂණයක් කරනවා. ගොයමට හානි කරනවා නම් ඒක ලොකු අවදානමක්” වන බවයි.

Read more

Local News