අවුකන පිළිමය අවදානමක අකුණු සැර නිසා

Share

අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ පවසන්නේ අවුකන බුදු පිළිම වහන්සේගේ ආවරණය සඳහා 2015 වසරේ ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය නිසා එම ස්ථානයට නිරන්තරයෙන් අකුණු සැර වදින බවයි.

විහාරාධිපති හිමියෝ පවසන්නේ මේ දින වල දිගින් දිගටම විශාල වශයෙන් අකුණු සැර වදින බවත් මීට දින කිහිපයකට ඉහත දී මෙම වහලයට අකුණු පහර එල්ලවූ බවත්ය.

එමෙන්ම වහලය නිසියාකාරව සවි නොකිරීම නිසා වහලය මත වෑස්සෙන වතුර  බුදු පිළිමය පිහිටි මලුවට පතිත වන බව ද උන් වහන්සේ පෙන්වා දෙති.

Read more

Local News