පාර්ලිමේන්තුව විශ්වාස කළ නොහැකි බව සේමසිංහ කියයි

Share

පාර්ලිමේන්තුව විශ්වාස කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත්, ආණ්ඩුව මැතිවරණයක් පැවැත්වීමට බියෙන් පසුවන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

මන්ත්‍රීවරයා පැවසූවේ වසර එකහමාරකට පෙර සිට පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව පැවසීම සිදු කරන බවයි.

මැතිවරණයක අවශ්‍යතාවය දැඩිව තිබෙන බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරණයක් පැවැත්වුවද පාර්ලිමේන්තුවේ ගැටළු විසඳිය නොහැකි බවත් පවතින අර්බුදයට පාර්ලිමේන්තු මැතිවරණය හැර වෙනත් මැතිවරණයක් පැවැත්වීම තුළින් රටේ ප්‍රශ්න නොවිසඳෙන බවත් පැවසීය.

නව ජනාධිපතිවරයෙක් පත් වුවද එම ජනාධිපතිවරයාට සිටීමට සිදු වන්නේද මේ පාර්ලිමේන්තුව සමඟ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

Read more

Local News