වටවල ෆයිනස් වන වගා රක්ෂිතයේ ගින්නක්

Share

වටවල ෆයිනස් වන වගා රක්ෂිතයක හට ගත් ගින්නකින් අක්කර 4ක පමණ රක්ෂිතයේ කොටසක් ගිනිගෙන විනාශ වී තිබේ.

ඊයේ (24) රාත්‍රී 8ට පමණ මෙම ගින්න හට ගෙන තිබුණේ වටවල නගරයට ආසන්නයේ වටවල දමිල මහ විද්‍යාලය අසලිනුයි.

රක්ෂිතයේ හට ගත් ගින්න අද (25) අලුයම තෙක් පැවති අතර අලුයම් කාලයේ වටවල ප්‍රදේශයේ පැවති අධික සීතල සහ පිනිබර කාලගුණයත් සමඟ ගින්න නිවී ගොස් ඇත.

වටවල පොලීසිය සැකකරන්නේ කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි.

වටවල ෆයිනස් වන වගා රක්ෂිතය හරහා වටවල නගරයට පානිය ජලය ලබා ගන්නා ස්භාවික ජල මුලාශ්‍රද ගලා බසින අතර, රක්ෂිතයට ගිනි තැබීම තුලින් එම ජල මුලාශ්‍රද හිඳී යාමේ අවධානමක් පවති.

Read more

Local News