නුවරඑළිය දිස්ත්‍රික්කයට පළාත් පාලන ආයතන 06ක්

Share

නව සීමා නිර්ණයන්ට අනුකූලව නුවරඑළිය දිස්ත්‍රික්කය පළාත් පාලන ආයතන 06ක් වශයෙන් ප්‍රාදේශීය සභා ප්‍රමාණය වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
එම නිර්ණායක මත පදනම්ව වර්තමාන අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය අඹගමුව, මස්කෙළිය සහ නොර්වුඩ් ප්‍රාදේශීය සභා වශයෙන් නව පළාත් පාලන ආයතන 03ක් ලෙස සංස්ථාපනය කිරීමටත්, වර්තමාන නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය නුවරඑළිය, ආගරපතන සහ කොටගල ප්‍රාදේශීය සභා වශයෙන් නව පළාත් පාලන ආයතන 03ක් ලෙස සංස්ථාපනය කිරීමටත් තීරණය කර තිබේ.
ඒ අනුව, ඉහත සඳහන් පළාත් පාලන ආයතන ද ඇතුළත්ව සියලු ම පළාත් පාලන ආයතන සංස්ථාපන නියමයන් අද (01) ගැසට් කිරීමට ද කටයුතු කෙරේ.

Read more

Local News