මත්ද්‍රව්‍ය නිවාරණයේ දී විශිෂ්ට දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීමට

Share

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීමට ලක් කෙරෙන, ජනපති ප‍්‍රශංසා, සම්මාන උලෙළ අද(28) කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි.

ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.

2015 ජනවාරි 14 වනදා සිට 2019 ජනවාරි 14 වනදා දක්වා කාලය තුළ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීම සඳහා සකී‍්‍රය ලෙස දායක වී ඇති පොලිස් නිලධාරින් 1034 දෙනෙකු මෙහිදී සම්මානයෙන් පිදුම් ලබයි.

මෙම ඇගැයිම් සම්මාන පිරිනැමෙන්නේ කාණ්ඩ 03 ක් යටතේයි.

එහිදී ජනාධිපති පොලිස් වීරතා පදක්කම, පදක්කම්ලාභීන් 15 දෙනෙකු වෙතත්, පොලිස් දක්ෂතා පදක්කම පදක්කම්ලාභීන් 59 දෙනෙකු වෙතත් පිරිනැමෙන අතර සෙසු පිරිස වෙත ජනපති ප‍්‍රශංසා සහතිකපත් පිළිගැන්වෙයි.

මේ සියත ප‍්‍රවෘත්තී වෙත අදහස් දක්වන ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ සමන්ත කිතලවආරච්චි මහතා.

සුරක්ෂිත හෙටක් – මෛතී‍්‍ර පාලනයක් තේමාව යටතේ ක‍්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතියක් ක‍්‍රියාත්මක වූයේ පසුගිය 21 වනදා සිටයි.

ජනවාරි 21 වනදා සිට 28 වනදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ද ප‍්‍රකාශයට පත් කරමින් පුළුල් වැඩසටහන් මාලාවක් පසුගිය දින කිහිපය තුළ කි‍්‍රයාත්මක කෙරුණි.

2014 වසරට සාපේක්ෂව 2020 වන විට මෙරට නීති විරෝධි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප‍්‍රවාහනය හා අලෙවිය සියයට 80 කින් අඩු කිරීමේ අරමුණ ඇතිව ජනාධිපතිතුමා විසින් වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කර තිබෙන බවයි.

Read more

Local News