ගත වූ පැය 24 තුළදී කුඩු සමඟ 4ක් දැලේ

Share

ගත වූ පැය 24 තුළදී හෙරොයින් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ යක්කල ප‍්‍රදේශයේදීයි.

හෙරොයින් ග‍්‍රෑම් 10 යි මිලිග‍්‍රෑම් 155 ක් සමඟ අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා 28 සහ 30 යන වයස් කාණ්ඩවල පසුවන ඉඹුලගොඩ සහ කොළඹ 15 ප‍්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් අද(28) ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හෙරොයින් ග‍්‍රෑම් 10 යි මිලිග‍්‍රෑම් 900 ක් සමඟ සැකකරුවෙකු වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී ද, හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 850 ක් සමඟ සැකකරුවෙකු මීගොඩ ප‍්‍රදේශයේදී ද අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් අද අලූත්කඬේ සහ හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ වසරේ ගත වූ පළමු දින 25 තුළ පමණක් හෙරොයින් කිලෝ 107 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

2015 වසරේ සිට ගත වූ වසර 03 තුළ පමණක් සොයාගෙන ඇති හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 1 412 ක්.

ගත වූ වසරේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 40 987 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News