ගුවන් සේවා වාර්තාව අද ජනපතිට

Share

ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය ප‍්‍රතිසංවිධානයට අවශ්‍ය නිර්දේශ ඇතුළත් වාර්තාව අද(28) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීමට නියමිතයි.

ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම සම්බන්ධ කමිටුවේ සාමාජික කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ ගුවන් සමාගම ලාබදායී තත්වයට පත්කර ගැනීම සඳහා අවශ්‍ය මූලික පියවර එම වාර්තාවේ ඇතුළත් බවයි.

දැනට ශී‍්‍ර ලංකන් ගුවන් සමාගම ලබන පාඩුව ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්නයි.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය ප‍්‍රතිසංවිධානයට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ කමිටුව ජනාධිපතිතුමා විසින් පත් කළේ පසුගිය 07 වනදායි.

එහි සභාපති ලෙස රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පත් කර තිබේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආචාර්ය ධර්මරත්න හේරත්, මහාචාර්ය ඞී.බී.පී.එච්. දිසා බණ්ඩාර එහි සෙසු සාමාජිකයින් වෙයි.

වී. කනග, එල්.එස්.අයි. ජයරත්න, විරාජ් දයාරත්න, මහේන් ගොපල්ලව, වසන්ත කුමාරසිරි, අජිත් අමරසේකර, තිසුරි වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් ද කමිටුවේ සාමාජිකයන් වෙයි.

Read more

Local News