ප්‍රංශයෙන් ඓතිහාසික ස්ථාන සුරකින්න ඇප්ලිකේෂන් සහ වෙබ් අඩවි

Share

දෙස් විදෙස් සංචාරකයන්ට වැදගත් ඓතිහාසික වටිනාකමකින් යුක්ත ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා වන ජංගම දුරකථන ඇප්ලිකේෂන් සහ වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ ද නිර්මාණය කිරීමට ප්‍රංශයේ යුසිට් සමාගම පියවර ගෙන ඇත. තමන්ගේ රටේ තිබෙන සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කරමින් ඒවාට වඩාත් ආදරයක් දැක්වීමට ජනතාව පොළඹවාලීම අරමුණු කර ගනිමින් ලෝකයේ රටවල මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

එහි මූලික පියවර ලෙස ගාලු කොටුවෙහි පවතින පෞරාණික ඉතිහාසය සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් Mobile Application එකක් නිර්මාණය කිරීමේ ව්‍යපෘතිය ප්‍රංශයේ යුසිට් ආයතනය මඟින් ආරම්භ කර තිබේ. Visit Galle නමින් නිර්මාණය කර ඇති මේ Application එක මේ වසරේ අවසානයේදි ජනතා අයිතියට පැවරීම සිදු කෙරේ. Google play සහ Appstore නම් වූ Android සහ Apple phone වලට මෙම Application එක download කර ගැනීමෙන් ඓතිහාසික ස්ථාන පිළිබඳ දැන ගත හැකිය. සිංහල, ප්‍රංශ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම විස්තර ඇතුළත් වේ.

මෙම Application එක නිසා සංචාරක මඟ පෙන්වන්නන්ට තමන්ගේ රැකියාව නැති වේ යැයි බියක් ඇති කර ගත යුතු නොවේ. මේ Application එක නිසා ඔවුන්ට පහසුවක් වනු ඇත. එසේම මේ සම්බන්ධයෙන් ඔවුන් ද දැනුවත් කිරීම ඉදිරියේදි සිදු කරයි. ශ්‍රී ලංකාවට උදව්වක් විදියට මෙවැනි නිර්මාණයක් සිදු කර ඇති අතර පිලිපීනය, කාම්බෝජය, නේපාලය, වියට්නාමය, බංග්ලාදේශය රටවලට ද මේ Application එක හදුන්වාදී ඇත.

මෙම සංකල්පයේ ආරම්භකයා ප්‍රංශය වන අතර එය ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට යුසිට් සමාගම කටයුතු කරයි.

Read more

Local News