නීති විරෝධීව මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 4ක් අත්අඩංගුවට

Share

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙ‍‍කු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ(28) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

උතුරු නාවික විධානයට අනුයුක්ත නෞකාවක් මඟින් ඩෙල්ෆ්ට් දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘එලාර’ ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතය.

මෙම වසරේදි මෙවැනි නීති විරෝධී ලෙස මුහුදු සීමාව උල්ලංඝණය කරමින් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු සමඟින් ට්‍රෝලර් යාත්‍රා 04 ක් නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

Read more

Local News