කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල අද ජනපති ප්‍රධානත්වයෙන්

Share

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළ කලා ශිල්පි ශිල්පිනියන් ඇගැයිමට ලක් කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(29) ප.ව 4.00 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 34 වන වරට වන අතර, සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි සිංහල, දෙමළ, මුස්ලිම් කලාකරුවන් දෙසිය දෙනෙක් මෙහි දී උපහාර ලබති.

ජනශ්‍රැති, නර්තන, රූපවාහිනී, සාහිත්‍ය, දෘශ්‍ය කලා, නාට්‍ය, ඡායාරූප, සංගීත, ගුවන්විදුලි යන ක්ෂේත්‍ර යටතේ මෙකී සම්මාන පිරිනැමීම සිදු කෙරේ.

Read more

Local News