මැකො අස්වීමෙන් ප්‍රශ්නය විසඳිය නොහැකි බව මහින්ද කියයි

Share

මෙවර පළාත් සභා මැතිරණය පැවැත්වීමේ අයිතිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (29) කොළඹදී මාධ්‍ය වේදියකු ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

පසුගියදා විවාහ දිවියට පත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිද වෙනුවෙන් තිඹිරිගස්යාය මයුරපති කෝවිලේදී අද දේව ආශිර්වාද පූජාවක් පැවැත්වු අතර ඉන් අනතුරුව විපක්ෂනායකවරයා මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න වෙත පිළිතුරු ලබා දුන්නේය.

මැතිවරණ කොමසාරිස්වරයා ධූරයෙන් ඉවත් වීමට යෑම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

මැතිවරණ කොමසාරිස්වරයා සිටින්නේ මැතිවරණ පැවැත්වීමට බවත්, එතුමා අස්වීමෙන් මෙම ප්‍රශ්නය විසඳිය නොහැකි බව ද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

කොමසාරිස්වරයා රටේ නීතිය අනුව වැඩ කළ යුතු බවත්, නව නීති ගෙන ඒමෙන් එය ක්‍රියාත්මක වන තෙක් පරණ නීතිය ක්‍රියාත්මක වන බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

එසේ නොමැති නම් පරණ නීතිය අනුව හෝ මැතිවරණයක් පැවැත් විය යුතු බවත්, එයට ඔහුට අයිතියක් ඇති බවත්, ඔහු කොමසාරිස් නිසා එසේ විය යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළේය

Read more

Local News