කන් සහ දත් ගන්න දරුවන් 6ක් මරලා

Share

කන් සහ දත් ලබා ගැනීම සඳහා දරුවන් 6 දෙනෙකු ඝාතනය කළ කල්ලියකට අයත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඝාතනයට ලක්වූ දරුවන් තිදෙනෙකුගේ පවුල්වල සමීපතම ඥාතියෙකු බව හෙළි වී තිබේ.

වයස අවුරුදු 2ත් 9ත් අතර පසු වූ එම දරුවන්ගේ මළ සිරුරුවල පාද පවා අතුරුදන්ව ඇත.

මවුපියන් රාත්‍රී කාලයේදී වෙළෙඳ පොළේ ව්‍යාපාරවල නිරත වෙමින් සිටින අවස්ථාවලදී අදාළ දරුවන් ඔවුන්ගේ නිවෙස්වලින් පැහැරගෙ ගොස් ඇත.

මිනිස් ශරීර කොටස් තුළ ධනවත් වීම සඳහා විශේෂ ශක්තියක් පවතින බවට ඇතැම් මිථ්‍යා දෘෂ්ටික ගුරුකම් කරන්නන් පවසන අදහස් වලට රැවටී ටැන්සානියාව තුළ  මෙම ඝාතන සිදු කර ඇති බව වාර්තා වේ.

දෙසැම්බර් මාසයේ සිට ටැන්සානියාවේ ජොම්බේ දිස්ත්‍රික්කය තුළ දරුවන් 10 දෙනෙකු අතුරුදන් වී සිටි අතර, ඉන් 4 දෙනෙකු බේරා ගැනීමට ජොම්බේ දිස්ත්‍රික්ක පොලිසිය සමත්ව තිබේ.

Read more

Local News