නිදහස් උත්සවයට මහින්ද නෑ

Share

පෙබරවාරි 04 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජාතික නිදහස් දින සමරුම් උත්සවයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහභාගි නොවන බවට රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් දැනුම්දුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වන උදිත් ලොකුබණ්ඩාර මහතා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට මේ බව දැනුම්දී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයෙකු, අගමැතිවරයෙකු මෙන්ම වත්මන් විපක්ෂනායක ධුරයද දරන බැවින් මහින්ද රාජපක්ෂ මහතාට නිදහස් උත්සවයට සහභාගි වන්නැයි ආරාධනා පත් යොමුකළ බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා නිදහස් උත්සවයට සහභාගි නොවන බවට ඔහුගේ පාර්ශ්වය සිදුකළ දැනුම්දීම පිළිගන්නා බවත්, රාජපක්ෂ මහතාට ආරාධනා නොකළ බවට පැවසෙන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත්කමල් පත්මසිරි මහතා පැවසීය.

Read more

Local News