මැකො විශ්වාස බව ලක්ෂ්මන් යාපා කියයි

Share

පළාත් සභා ඡන්ද විමසීම මේ වසරේ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ස්ථාවරයේ සිටිම පිළිබඳව ස්තූතිය ප්‍රකාශ කරන බවත් එක්සත් ජාතික පක්ෂයට ඡන්ද විමසීම කල් දමා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

වැඩ්දුරටත් අදහස් දක්වමින් ඒ මහතා“නොවැම්බර් මස 10ට පෙර පළාත් සභා ඡන්ද විමසීම පත්වන්නේ නැත්නම් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ඉල්ලා අස්වෙන බව සඳහන් කර තිබුණා. අපි එතුමාට ස්තූතිවන්ත වෙනවා පළාත් සභා ඡන්ද විමසීම මේ වසර තුළ පැවැත්විය යුතුයි යන ස්ථාවරයේ සිටීම සම්බන්ධයෙන්. ඉල්ලා අස්විමට නෙවෙයි වැදගත් වන්නේ. ඔබතුමා ගැන විශ්වාසයක් තිබෙනවා.

පහුගිය දා පාර්ලිමේන්තු මැතිවරණය ලබා දෙන විට මැතිවරණය පැවැත්වීම නිති විරෝධීයි කියලා මැතිවරණ කොමිෂමේ කෙනෙක් උසාවි ගියා. ඒ නිසා ඔබතුමා මැතිවරණ කොමිෂමේ සභාපති ලෙස මැතිවරණයක් ලබා දීමේ කි‍්‍රයාදාමය සහතික කරන්න.

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විම පැරණී ක‍්‍රමයට පවත්වන්න කියන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න විතරයි තියෙන්නේ. ඒ අවස්ථාවේදීම සංශෝධන යටතේ ඊළග මැතිවරණය අලුත් ක‍්‍රමයට පවත්වන බව සඳහන් කරන්න  ඕනේ. එවැනි සංශෝධනයක් ගෙනාවාම මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට මැතිවරණය ප‍්‍රකාශයටපත් කරන්න හැකියාව ලැබෙනවා.

එක්සත් ජාතික පක්ෂය හැරෙන්න අනෙක් සියලු දේශපාලන පක්ෂ සියල්ලම පැරණි ක‍්‍රමයට මැතිවරණය පවත්වන්න කැමැතියි. එජාපයත් පැරණි ක‍්‍රමයට මැතිවරණය පවත්වන්න සූදානම්. මැතිවරණය කල් දමා ගන්නයි අවශ්‍ය වෙලා තියෙන්නේ. කමිටු වාර්තාව ප‍්‍රමාද කරමින් සිටින්නේ මැතිවරණය කල් දාගන්නයි.” යැයි පැවසීය.

Read more

Local News