රුපියල තරමක් ශක්තිමත් වෙයි

Share

මේ වන විට ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල තරමක ශක්තිමත් විමක් පෙන්නුම් කරයි.

ඒ අනුව අද පෙරවරු 10.45ට පමණ ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 182.70ක් ලෙස දැක්විය.

එහි ගැණුම් මිල රුපියල් 178.83ක් ලෙස දැක්විණ. පසුගිය දින කිහිපයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 183 හා 184 යන අයන්වල පැවතිණි.

Read more

Local News