රේගු වෘත්තිය සමිති හා ජනපති අතර හමුවක්

Share

අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති රේගු වෘත්තිය සමිති සන්ධානයේ නියෝජිතයින් අද(31) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව තිබෙන බවට වාර්තා වෙයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ශ්‍රි ලංකා රේගු සේවයේ හෝ පරිපාලන සේවයෙන් පරිබාහිර අයෙකු පත් කිරීමට විරෝධය පළ කරමින් රේගු වෘත්තිය සමිති සන්ධානය ඊයේ(30) පස්වරුවේ සිට මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරතව සිටියි.

රේගු වෘත්තිය සමිති සන්ධානය ආරම්භ කර ඇති වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව සිදු කරන බව රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය මහතා පවසයි.

විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ රජය විසින් ගෙන ඇති මෙම තීරණය වෙනස් කරන තුරු අඛණ්ඩව වැඩවර්ජනයේ නිරත වන බවයි.

Read more

Local News