ත්‍රිපෝෂ සඳහා දේශීය බඩඉරිඟු

Share

විදේශීය රටවලින් ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත් බවත්, එමගින් “සේනා” දළඹුවා ශ්‍රී ලංකාවට පැමිණි බවට ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශ පදනම් විරහිත බව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ලිමිටඩ් හි සභාපති බී.ජී.එස් ගුණතිලක මහත්මිය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට ත්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා වාර්ෂිකව බඩඉරිඟු මෙට්ට්‍රික්ටොන් 12,000 ක් සහ සොයා බෝංචි ටෙට්ට්‍රික් ටොන් 6000 ක අවශ්‍යතාවයක් පවතී.

මෙම අවශ්‍යතාවය සපුරාගනු ලබන්නේ අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන මගින් වන අතර, මේ සඳහා 2018 මැයි 23 දින පුවත් පත් දැන්වීම් පළ කොට ජාතික තරඟකාරි ලංසු කැඳවන ලදි.

ඒ සඳහා ලැබුණු ලංසු දෙක තාක්ෂණික ඇගයීම් කමිටුවට යොමු කර අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව වෙත ඉදිරිපත් කරන ලදි.

තාක්ෂණික ඇගයීම් කමිටුවේ ද නිර්දේශය ද සලකා අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් මෙම ප්‍රසම්පාදනයේ අවම ලංසුකරුවන් වන දේශීය සමාගමට ටෙන්ඩරය පිරිනමන ලදි.

මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී එම ලංසුව සමග දේශීයව බඩඉරිඟු ලබාගැනීමට දේශීය සැපයුම්කරුවන්ට පමණක් ඉදිරිපත් විය හැකි පරිදි ඒ බව තහවුරු කර ගැනිමට අවශ්‍ය සජීවී බඩඉරිඟු තොඟ වගාවන් සම්බන්ධ ගොවීන්ගේ නාමලේඛණය සහ ගොවි සංවිධානවල නාමලේඛණ පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කර ඇත.

බඩඉරිඟු තොඟ පිටරටින් ආනයනය කිරීම සඳහා මෙම කැබිනට් තීරණයෙන් කිසිදු ඉඩකඩක් ලබා දී නොමැති බව සඳහන් වේ.

Read more

Local News