පලතුරු ඉදවීමේ අානයනික සියළුම රසායනික ද්‍රව්‍ය තහනම්

Share

පලතුරු ඉදවීමට සඳහා අානයනය කරන සියළුම රසායනික ද්‍රව්‍ය තහනම් කරන බව කෘෂිකර්ම අමාත්‍ය පි . හැරිසන් මහතා පැවසීය .

අමාත්‍යවරයා මේ බව පැවසුවේ හොරොව්පොතාන වහල්කඩ යාංඔය ජලාශයෙන් ඉඩම් අහිමි ජනතාවට වන්දි ලබාදීමෙන් අනතුරුව හොරොව්පොතාන ප්‍රදේශය ලේකම් කර්යාලයේදිය.

මෙම අවස්ථාවේදී යාංඔය ජලාශයේන් ඉඩම් අහිමි ජනතාව අතරින් හොරොව්පොතාන ප්‍රදේශයේ 79 දෙනෙකු වෙනුවෙන් රුපියල් කෝටි 8 වන්දී වසයෙන් ලබාදීමට කටයුතු කල අතර අනෙක් ජනතාව වෙනුවෙන් ද කඩිනමින් වන්දි ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

වැඩි දුරටත් අදහස් දක්වමින්, “මම ඇමති වුණා විතරයි , වහල්කඩ කට්ටියක් අට්ටාල  වලට නැන්ගා..මම අමාත්‍යාංශයේ ලේකම් ඇරලා ගැටලුව විමසන වි⁣ට ඔවුන් කිව්වේ වන්දි දෙනකන් බහින්නෙ නැ… කියලා.

කවුරුත් කතාකරන්නේ නැ. මේ වන්දි දෙන්න තිබ්බේ පසුගිය අන්ඩුවට . සාමාන්‍ය මේවගේ ව්‍යාපෘතියක් පටන්ගන්නවානම් වැවට යටවෙන ⁣ඉඩම්වලට වන්දි ගෙවලා පටන්ගන්න ඔනේ…එහෙම තමා ක්‍රමය”යැයි අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News