ඩ්‍රෝන කැමරාවකින් ගුවන් තොටුපල රූගත කළ සිව්දෙනෙක් අත්අඩංගුවට

Share

කටුනායක අධි ආරක්ෂිත කලාපයේ පිහිටි ගුවන් තොටුපල ඩ්‍රෝන කැමරාවකින් රූගත කිරීමේ යෙදී සිටි මාලදිවයින් ජාතිකයන් සිව් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර සැකකරුවන් තිදෙනෙක් හා එක් සැකකාරියක් සිටින බව පොලීසිය සඳහන් කළේය.

කටාන, දම්මින්නගහවත්ත ප්‍රදේශයේදී ඊයේ (02) දින රාත්‍රි 08 පමණ අදාළ සැකකරුවන් අත්ඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද (03) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්දයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News