අනතුරකින් තරුණ ජිවිතයක් අහිමි වෙයි

Share

මැදිරිගිරිය, දියසෙන්පුර ප්‍රධාන මාර්ගයේ අද(04) උදෑසන සිදු වු යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මිය ගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.

යතුරුපැදිකරුට වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගය අසල තිබු විදුලි කණුවක ගැටී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි විජේපුර, ගලදමන ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මැදිරිගිරිය පොලීස විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

Read more

Local News