මාලදිවයින් ජනපති සහ මෙරට ජනපති අතර හමුව අද

Share

71 වන නිදහස් දින සැමරුමේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් මහතා අද(05) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපතිවරයාගේ ආරාධනය මත පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා ඊයේ(04) පැවති 71 වන නිදහස් දින සැමරුමේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ඊට සහභාගී වුණි.

ඒ අනුව මාලදිවයින් ජනාධිපතිවරයා අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

Read more

Local News