අයවැය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Share

අද (05) දින 2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව අද පස්වරු 1.00 ට රැස්වීමට නියමිත අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට ජනවාරි මස 07 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබු අතර විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසරේ ඇස්තමේන්තුගත සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,470කි.

මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 යි දශම 8ක් වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

2019 වසරට අදාළ අයවැය යෝජනා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබන මාර්තු මස 05 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News