ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙන හැට් ශාන් කියයි

32

මෛත්‍රී මහින්ද එක්වී කතාබහ කරගෙන ඉදිරි ජනාධිපතිවරණයට කෙනෙක් ඉදිරිපත් කරාවි. ඉදිරි ජනාධිපති ඡන්දයට යු.එන්.පී.විරෝධී සියලු බලවේග එකතු කරගෙන අපි පුළුල් සන්ධානයකින් තමයි මුහුණ දෙන්නේ. සක්‍රයාගේ පුතා වයිමා ඉදිරිපත් වුනත් අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම දිනනවා.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදීය.

ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් “ජනාධිපතිවරණය නොවේ මුලින් පැවැත්විය යුතුව ඇත්තේ පළාත් සභා මැතිවරණයයි. ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයට මා ඉදිරිපත් වෙනවා. මා එදත් අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවදාවත් පක්ෂය හැරගියේ නෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂේයේ ප්‍රශ්න ඇතිවී තිබෙන බේද භින්න වී තිබෙන කාලයකයි මට ගාලු දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකකම ලැබුණේ. පක්ෂයේ ආසන සංවිධායකයින් සමග ඉදිරියේ දී සාකච්ජාවක් පවත්වා පාක්ෂිකයන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ආරම්භ කරනවා. හිනිදුම සහ ගාල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක පුරප්පාඩු පිරවිය යුතුව තිබෙනවා. ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට යු .එන්. පී විරෝධී සංවිධානයක් ලෙසට අපි මුහුණ දෙනවා” යැයි පැවසීය.