බලය බෙදීම කියන්නේ රට බෙදීම නොවේ – අමාත්‍ය මනෝ ගනේෂන්

Share

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාවේ යෝජනා පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍ය මනෝ ගනේෂන් අමාත්‍යවරයා අද (2) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ,

දේශපාලන බලය බෙදීමක් අවශ්‍ය වෙනවා. මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි. ජනතා සිහිනය යහපාලනය රජය යටතේ සෑබෑ වෙමින් තිබෙනවා. විධායක ජනාධිපතිධූරය පිළිබඳව සාකච්ඡා යනවා. මහජනතාව පත්කරන පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයෙකු සිටිය යුතුයි. මේ රටේ දෙමළ ජාතීය වෙනම රාජ්‍යයට යයි ද කියලා සැකයක් තිබෙනවා, සිංහල ජනතාවට. දෙමළ ජනතාවටත් සැකයක් තිබෙනවා, මේ රටේ අයිතිය සළකන්නේ නැතිව දෙවැනි තුන්වන තත්ත්වයට දායිද කියලා. බලය බෙදීම අවශ්‍ය වෙනවා. බලය බෙදීම කියන්නේ රට බෙදීම නොවේ. බලය බෙදීම රට එකතු කිරීමයි.

විපක්ෂනායකතුමා වෙනම රාජ්‍ය සංකල්පය අත්හැර ඒකීය ලංකාවක්, නොබෙදුණු ලංකාවක් තුළ ජීවත් වෙන පණිවුඩය ලබාදී තිබෙනවා. මේ රට දෙකඩ කඩන්න,ඊළමක් හදන්න යෝජනා කරන්න බැහැ. මේ රට එක රටක් ලෙසයි ගමන් කරන්නේ. ආයුධ අතට ගන්න ඉඩ දෙන්නේ නෑ. මේ රට ගිණිතියන්න එපා. මේ අවස්ථාව අපට ලබී තිබෙන අවසන් අවස්ථාව යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News