රේගු වර්ජනය අවසන්

Share

දින 07ක් පුරා පැවැති අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවිමට රේගු නිලධාරින් තීරණය කර තිබේ.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කළ පී.එස්.එම් චාල්ස් මහත්මිය යළි එම ධුරයේ පිහිටුවිමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවට මුදල් අමාත්‍යංශය විසින් දැනුම්දීම හේතුවෙන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවිමට තීරණය කළ බව රේගු නිළධාරින්ගේ සංගමයේ උප සභාපති අමිල සංජීව මහතා සඳහන් කළේය.

ඒ අනුව අද(06) උදෑසන සිට සියලු රේගු අංශ සුපුරුදු පරිදි සේවයේ නිරත වන බවට වාර්තා වෙයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය හදිසියේ ස්ථාන මාරුකර ඒ වෙනුවට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත්කිරීමට විරෝධය පලකරමින් රේගු වෘත්තීය සමිති සන්ධානය පසුගිය බදාදා මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේය.

Read more

Local News