අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියන් 2ක් පලා යයි

Share

මැදවච්චිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු කීපයකට ඉදිරිපත් කිරීම සඳහා අනුරාධපුර බන්ධනාගාරයේ සිට රැගෙන ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණයෙන් මිදී පලා ගොස් ඇත.

ඊයේ(05) සවස 4.30 ට පමණ එම සැකකරුවන් බන්ධනාගාර බස් රථයකින් අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙන යාමට සුදානම් වූ අවස්ථාවේ ඔවුන් මෙසේ පලාගොස් ඇත.

මෙලෙස පලා ගොස් ඇති එක් සැකකරුවෙකු මැදවච්චිය පුනෑව ප්‍රදේශයේ පදිංචි ස්ත්‍රී දුෂණ චෝදනාවකට සම්බන්ධ 24 හැවිරිදි සැකකරුවෙකු වන අතර අනෙක් සැකකරු මැදවච්චිය මහකනදරාව ප්‍රදේශයේ පදිංචි බල අපරාධ ගණනාවකට චෝදනා ලබා ඇති අයෙකු බව මැදවච්චිය පොලිසිය පවසයි.

මෙසේ පලාගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මැදවච්චිය පොලිසිය සහ බන්ධනාගාර නිලධාරින් මෙහෙයුමක් ආරම්භ කොට ඇත.

Read more

Local News