කැලණි ගඟේ මැණික් හෙවු 16ක් අත්අඩංගුවට

Share

කැලණි ගඟේ අවිස්සාවේල්ල කුඩගම ප්‍රදේශයේ අනවසරයෙන් මැණික් ජාවාරමක යෙදී සිටි පුද්ගලයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ(05) පස්වරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර අැත.

කැලණි ගඟේ අවිස්සාවේල්ල කුඩගම අක්කර 20ක පමණ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මැණික් ජාවාරමේ යෙදී සිටි පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී මැණික් ජාවාරම සඳහා යොදාගන්නා විශේෂ ට්‍රැක්ටරයක් ඇතුළු භාණ්ඩ රැසක්ද සොයාගෙන ඇත.

අදාල සැකකරුවන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාරදී ඇති බව වාර්තා වෙයි.

Read more

Local News