ශ්‍රී පාද විද්‍යා පීඨයේ ගුරු අභ්‍යසලාභි සිසුන් විරෝධතාවයක

Share

හැටන් පතන ශ්‍රි පාද අධ්‍යපන විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යසලාභි සිසුන් එම විද්‍යා පිඨය තුළ අද(06) පන්ති වර්ජනය කරමින් විරෝධතාවයක නියැලි සිටියි.

අද උදැසන සිට එම විද්‍යා පිඨයේ ප්‍රධාන ගේට්ටුව අභියසයි සිසුන් විරෝධතාවයේ නියැලි සිටින බවටයි අප වාර්තාකරු කියා සිටියේ.

එම විද්‍යා පිඨයේ රොජිස්ටාර්වරයා ස්ථාන මාරු කරන ලෙස බල කරමින් මෙම ගුරු අභ්‍යාසලාභි සිසුන් විරෝධතාවය දක්වනු ලබන්නේ.

එම විද්‍යා පිඨයේ මුළුතැන්ගෙය අපිරිසිදුව පවත්වාගෙන යාම නිසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එම මුළුතැන්ගෙය තාවකාලිකව ඊයේ(05) සිට වසා දැමිම නිසා තමන්ට ආහාර පාන නිසි වේලාවට නොලැබෙන බවත්, එවන් තත්ත්වයත් මත සිටියදි ඊයේ රාත්‍රියේ රෙජිස්ටාර්වරයා ඇතුළු එම විද්‍යා පිඨයේ අනද්‍යන කාර්යය මණ්ඩලයේ පිරිසක් ඊයේ රාත්‍රියේ විද්‍යාපිඨය තුළ මත්පැන් සාදයක්ද පැවැත් වු බවයි විරෝධතාවය දක්වන විද්‍යාපිඨයේ අභ්‍යාසලාභි සිසුන් කියා සිටින්නේ.

රෙජිස්ටාර්වරයා සහ අනද්‍යන කාර්යය මණ්ඩලයේ නිලධාරින් පිරිසක් සහ ගුරු අභ්‍යාසලාභි සිසුන් අතර ඊයේ රාත්‍රියේ විද්‍යාපිඨය තුළ ඇති වු නොසන්සුන්කාරි තත්ත්වයක් පාලනය කිරිමට දිඹුල පොලිසියේ නිලධාරින්ට සිදු විය.

එම විද්‍යා පිඨයේ අනද්‍යන කාර්යය මාණ්ඩලයේ නිලධාරින්ගේ ආරක්ෂාව උදෙසා රෙජිස්ටාර්වරයා සහ තවත් නිලධාරින් කිහිප දෙනෙකු අද අලුයම තෙක් දිඹුල පොලිසියේ රදවා තබා ගැනිමට ද පොලිස් නිලධාරින්ට සිදු විය.

Read more

Local News