උතුරේ ගොවීන්ට වැස්සෙන් දැඩ් පීඩා

Share

මහකන්නයේ ගොවිතැන් කරන ලද වී අස්වැන්න නෙලීමේ කාලය එලඹ ඇතත් මේ දිනවල උතුරේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වී අස්වැන්න නෙලීමට නොහැකි වීමෙන් ගොවීහු දැඩි පීඩාවන්ට පත්ව තිබේ.

වවුනියාව, කිළිනොච්චිය, මුලතිව් හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි ගොවීන් මෙම අවදානමට මුහුණ පා ඇති අතර අදාළ ප්‍රදේශයන්හි ගොවීන් මහකන්නයේ කුඹුරු ගොවිතැන් කටයුතු නියමිත කාලයට ආරම්භ කලද ගෙවුණු දින කිහිපය තුලදී වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ගොයම් ගස් වැටීම, වී අස්වැන්න කැපීමට නොහැකි වීම, වී ඇට පැලවීම, වී වෙලීමට නොහැකි වීම වැනි අවදානම් තත්වයකට පත්ව ඇත.

පසුගිය වසර කිහිපය තුලදීද වර්ෂාව නොමැති වීමෙන් උතුරේ කුඹුරු රැසක් ගොවිතැන් කිරීමෙන් වැලකී සිටියද මෙවර මහකන්නයේ ගොවිතැන් සෑම කුඹුරකම ආරම්භ කොට ඇතත් වී අස්වැන්න නෙලීමට ආසන්න අවස්ථාව වර්ෂාව ඇදහැලීමෙන් ගොවීහු දැඩී පීඩාවන්ට පත්ව සිටින බවට උතුරේ ගොවීහු සඳහන් කරයි.

එමෙන්ම වර්ෂාව හේතුවෙන් වී අස්වැන්න කැපීමෙන් පසුව වී වේලීමට පහසුකම් උතුරේ ගොවීන්ට නොමැතිකම හේතුවෙන් මේ දිනවල උතුරේ ප්‍රධාන මාර්ගවල වී වේලීම සිදු කරන අයුරුද දැකගත හැකිය.

Read more

Local News