මධ්‍යම පළාතට ගිලන් රථ 10ක්

Share

මධ්‍යම පළාතේ රෝහල් 10 ක් සදහා ගිලන් රථ ප්‍රදානය කිරීම අද (06) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු විය.

අති නවීන පහසුකම් වලින් සමන්විත මෙම ගිලන් රථයක වටිනාකම මිලියන 15 ක් වන අතර, තවත් ගිලන් රථ 14 ක් ඉදිරි දිනවලදී බෙදා දීම සදහා සූදානම් කොට තිබේ.

මධ්‍යම පළාත් සභාව මඟින් මධ්‍යම රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ගිලන් රථ ලබාදීමට කටයුතු යොදා ඇති අතර, පළමු අදියර යටතේ ලබාදුන් මෙම ගිලන් රථ 10 පළාතේ දුෂ්කරතම ප්‍රදේශවල රෝහල් සඳහා ලබාදීමට කටයුතු යොදා තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ, මධ්‍යම පළාතේ බොහෝ රෝහල්වල තිබෙන ගිලන්රථ වසර විස්සකටත් වඩා පැරණි බවත්, ඒවා භාවිතා කිරීමේදී ප්‍රායෝගික ගැටළු රැසක් ඇති වූ බවයි.

ගිලන් රථ ලබාදුන් මෙම දුෂ්කර රෝහල් ඉතා ඉක්මනින් සංවර්ධනය කොට හොඳ සේවාවක් ලබාදෙන රෝහල් බවට පත් කිරීමේ වැඩසටහනක්ද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් දියත් කරමින් පවතින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

Read more

Local News