Tuesday, March 19, 2024.

ගාමිණී සෙනරත් නඩුව ලබන 12ට

Share

හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව ලබන 12 දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (07) දින නියෝග කර තිබේ.

ඒ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට ඔවුන්ට එල්ල වු චෝදනා යටතේය.

අදාළ නඩුව සභාපති විනිසුරු සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේ මෙම නියෝගය ලබා දි ඇත.

2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට  2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ  මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

Read more

Local News