ධම්මාලෝක හිමිගේ නඩු තීන්දුව මාර්තු 01 දෙයි

Share

බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු සන්තකයේ තබාගත්තේ යැයි චෝදනා කරමින් උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව ගොණුකර ඇති නඩුවේ තීන්දුව මාර්තු මස 01 වනදා ලබා දෙන බවට කොළඹ මහාධිකරණය නිවේදනය කර තිබේ.

අදාල නඩුව අද (07) සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා මෙය ප්‍රකාශ කර ඇත.

නඩුව නීතිපතිවරයා විසින් ගොණුකර ඇති අතර රජයේ පාර්ශවය සහ විත්තියේ නීතිඥවරු විසින් නඩුවට අදාල දේශන ඉදිරිපත් කිරීම අද අවසන් කර තිබේ.

සේවාදායක හිමියන්ට විදේශ ගතවීම සඳහා දැනට පනවා තිබෙන තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස උඩුවේ ධම්මාලෝක හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ නඩුවේ තීන්දුව සඳහා දින නියම වී ඇති බැවින් අදාල ඉල්ලීම ඉවත දමන බවයි.

Read more

Local News