Tuesday, March 19, 2024.

වේගෙන් අා යතුරුපැදිය මාර්ගයේ පෙරළී අයෙක්ට තුවාල

Share

අකුරැස්ස පෝරතොට ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බවට වාර්තා වෙයි.

අකුරැස්ස සිට මාකඳුර ප්‍රෙද්ශය බලා ගමන්ගත් යතුරුපැදියක් පෝරතොට ප්‍රදේශයේදී මාර්ගය මත පෙරළී එම දෙසටම ධාවනය වූ කුඩා ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය ඉදිරියෙන් පැමිණි වෑන් රථයක ගැටීමට යාම වැළැක්වීමට උත්සහ කළ අවස්ථාවේදී මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු අකුරැස්ස දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

අකුරැස්ස පොලීසිය අනතුර සම්බන්ධයෙක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News