මහින්ද ඉන්දියාවේ ද හින්දු පුවත්පතට කියූ දේ

Share

ඉදිරි ජනපතිවරණයට තමන් ඉදිරිපත් කරන අපෙක්ෂකයා ජය ගන්නා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඉන්දියාවේ ද හින්දු පුවත්පත සංවිධානය කරන වැඩමුළුවකට එක්වෙමින් එහි ආරාධිත දේශනය කිරීමෙන් අනතුරුව පැවැති ප්‍රශ්ණ වටයේදී ඔහුගෙන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන බවත් ඔහු පැවසීය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් අගමැතිධුරය භාර ගැනීම මගින් ආණ්ඩුවේ තුනෙන් දෙකක බහුතරය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර පැවැති දීගය අවසන් කිරීමට හැකිවූ බවත් ඔහු පැවසීය.

ඊට පෙර සිය දේශනයේද ඔහු සඳහන් කළේ 2014 වසරේදී ඉන්දියාවේ ආණ්ඩු පෙරළිය හරහා සිදුනොවූ ප්‍රමාණවත් සන්නිවේදනය හේතුවෙන් ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවලට ගැටලුවක් වූ බවත් ඔහු සඳහන් කළේය.

Read more

Local News