හෙරොයින් ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 140 ක් සමඟ වයස අවුරුදු 32 ක් පමණ වන කාන්තාවක් පුත්තලම කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය පුත්තලම ප්‍රදේශයේ මත් කුඩු අලවි කිරීමේ ජාවාරමේ නිරත වන තැනැත්තියක බවට හදුනා ගෙන තිබේ.
ඊයේ (09) පුත්තලම පොලිස් වසමේ මුල්ලිපුරම් – මක්කල්පුරම් ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය පිටස්රතර ප්‍රදේශ වලින් හරොයින් මත් කුඩු ගෙනවිත් කුඩා පැකට් වලට අසුරා අලවි කරන බව ලද තොරතුක් මත සිදු කරන ලද සොයා බැලීමකින් අනතුරුව වැටලීම සිදු කර ඇත.
සැකකාරිය සහ ඇය සතුව තිබී තම බාරයට ගත් හෙරොයින් මත් කුඩු තොගය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පුත්තලම පොලීසියට බාර දීමට විෂ මත් ද්‍රව්‍ය නාශක ඒකකය කටයුතු කර ඇත.
පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.