මහරගම අපේක්ෂා රෝහලේ දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරීමට සැලසුම්

Share

මෙරට තුළ දායක ඇටමිදුලූ බද්ධය මේ වසරේ ආරම්භ කිරීමට මහරගම අපේක්ෂා රෝහල තීරණය කර තිබේ.

විශේෂඥ වෛද්‍ය ප‍්‍රසාද් අබේසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී සඳහන් කළේ අවශ්‍ය පහසුකම් ලබාදුන් පසු එම කටයුතු ආරම්භ කිරීමට හැකි බවයි.

දායක ඇටමිදුලූ බද්ධය ආරම්භ කිරිම සඳහා මෙම රෝහලේ මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් 04 ක්, වෛද්‍යවරුන් 05 ක්, හෙද හෙදියන් 05 සහ රසායනාගාර විද්‍යාඥයින් 02 කට විධිමත් පුහුණුවක් ලබා තිබේ.

එම පුහුණු වීම් ලබා දී ඇත්තේ ඔස්ට්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර පිටි සෙන් වින්සන්ට් රෝහල මඟිනි.

රෝහල තුළ මේ වන විට කාමර 02 ක ඇටමිදුලූ බද්ධයට නියමිත රෝගීන් නතර කර සිටියි.

එම කාමර සංඛ්‍යාව 08 දක්වා වැඩිකිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එකගතාවය පල කර තිබේ.

අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තවත් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් එම රෝහලට අනුයුක්ත කිරීමට ද තීරණය කර ඇති බවයි.

මෙම රෝහලේ මෙතෙක් සිදු කරන ලද්දේ ස්වයං ඇටමිදුලූ බද්ධය පමණයි. අපේක්ෂා රෝහල තුළ මෙතෙක් සිදු කර ඇති ස්වයං ඇටමිදුලූ බද්ධ කිරීම් සංඛ්‍යාව 50 කි.

Read more

Local News