ජනතාව ජාතික ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන බව තිස්ස කියයි

Share

අද වන විට ජනතාව ජාතික ආණ්ඩු ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

රට තුළ ස්ථාවර දේශපාලන පසුබිමක් පැවතීම වැදගත් වන බවත්, අද වන විට එවැනි තත්ත්වයක් නොමැති බැවින් ඔලුගෙඩි එක් කර ගනිමින් ආණ්ඩු සැකසීමේ වැඩපිළිවෙලක් දියත් වන බව ද තිස්ස අත්තනායක මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ මහනුවර දි  මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

රට තුළ ආණ්ඩුවක් ස්ථාවර කර ගත යුත්තේ ජනතාව තුළින් බවත්, ජාතික ආණ්ඩුව අද වන විට මහජනතාව ප්‍රතික්ෂේප කරන තත්ත්වකට පත්ව ඇති බව ද ඔහු සඳහන් කළේය.

ජාතික ආණ්ඩුවක සැබෑ අරමුණ, ජනතාව වෙනුවෙන් වැඩ කිරීම ද එසේත් නැතිනම් ඇමතිකම් බෙදා ගනිමින් එම පහසුකම් භුක්ති විඳීම ද යන සැකය ජනතාව තුළ ඇති බව ද තිස්ස අත්තනායක මහතා මෙහිදී පැවසීය.

අද වන විට ජාතික ආණ්ඩුව යන සංකල්පය ජනතාව තුළ ජනප්‍රිය නොවන බවත්, මේ වන විට රටට අවශ්‍යව ඇත්තේ දේශපාලන ස්ථාවරත්වයක් වන බව ත් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

Read more

Local News