ඉදිරි වසර කිහිපයේ​ සිඝ්‍ර ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක්

Share

ඉදිරි වසර කිහිපය තුළ අපනයනයට මුල්තැන දෙන ​සිඝ්‍ර ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මෙරට ආර්ථිකය නගා සිටුවීමට නම් අපනයන ආදායම ඉහළ දැමිය යුතු බවයි.

බණ්ඩාරගම පොදු වෙළෙඳ සංකිර්ණය ජනතා අයිතියට පත් කිරිමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

යුද්ධය අවසන් වු පසු යළි ආර්ථීක සංවර්ධනයක් කිරිම සඳහා එම කාලයෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගත් බවද අග්‍රාමාත්‍යවරයා පවසයි.

ඉන් අනතුරුව විදේස් රට වලින් ණය ගැනීම හේතුවෙන් 2014 වසර වන විට ණය ගෙවීමට නොහැකි වු බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ හේතුවේන් මෙම වසර තුල පමණක් ඩොලර් මිලියන 6500ක මුදල් ගෙවීමට සිදු වි ඇති බවද අග්‍රාමාත්‍යවරයා පවසයි.

Read more

Local News