මිනිස් ජාවාරම සඳහා ධිවර බෝට්ටු යොදාගැනීම නැවත්වීමට නව නීති

Share

මිනිස් ජාවාරම සඳහා ධීවර බෝට්ටු යොදාගැනීම හේතුවෙන් බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් මුහුණ දී සිටින ගැටළු පිලිබඳව විශේෂ සාකච්ජාවක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(13) පැවැත්විණ.

මෙම සාකච්ජාව පැවැත්වුණේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදීය.

මේ සඳහා බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන්, ධීවර කාර්මිකයින් ඇතුළු 50 දෙනෙකු පමණ එක්ව සිටියහ.

සාකච්ජාවට එක්වූ බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් පැවසුවේ මෙම මිනිස් ජාවාරම රටට මෙන්ම සමස්ත ධිවර කර්මාන්තයට විශාල ගැටළු මතුකරන බවයි.

බුද්ධි අංශ සහ ආරක්‍ෂක මුරකාවල් මග හැර මෙලෙස මිනිස් ජාවාරම බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම පිටුපස අදිසි හස්තයක් ඇතැයි සැකකරන බව සඳහන් කළ බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් ඇතුළු පිරිස ඉල්ලා සිටියේ වහා රජය මැදිහත් වී මෙම ජාවාරම පාලනය කරන ලෙසය.

මෙය ඉතා බරපතල තත්වයක් බැවින් ඒ පිලිබඳව දැඩි අවධානය යොමුකර නීතිපතිතුමා ඇතුළු වගකිවයුතු සියළු පාර්ශව සමඟ කඩිනමින් සාකච්ඡා කර ස්ථිර විසදුමක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා අවධාරණය කළේය.

අමාත්‍යතුමා පැවසුවේ මෙම තත්වය පාලනය කිරීමට අවශ්‍ය වුවහොත් දැඩි දඬුවම් පැමිණවීමට මෙන්ම නව නීති හදුන්වා දී, නිතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට රජයක් ලෙසත් ධිවර ජනතාවගේ අනාගතය මෙන්ම රට ගැන සිතා කටයුතු කරන බවය.

Read more

Local News