Tuesday, March 19, 2024.

ජනපති සහභාගීත්වයෙන් ඉල් පුර පසළොස්වක පොහෝ දින වැඩසටහන පැවැත්වෙයි

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ ඉල් පුර පසළොස්වක පොහෝ දින වැඩසටහන ඊයේ (03) නාරාහේන්පිට ධර්මායතන විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත් වල නිරතවීමෙන් අනතුරුව විහාරාධිපති තිඹිරිගස්යාය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පුජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදැක, උන් වහන්සේට පිරිකර පූජා කොට ආශිර්වාද ලබා ගත්තේය.

මහාවිහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ මෙවර ධර්ම දේශකයාණන් වහන්සේ වූ අතර ධර්මය ශ්‍රවණය කිරීමට ද ජනාධිපතිතුමා එක්විය.

විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය විවෘත කළ ජනාධිපතිතුමා බෝධි ප්‍රාකාරය වටා ඉදිකළ රන්වැට විවෘත කිරීමට ද සහභාගී විය. ගරු ජනාධිපතිතුමාගේ වගා සංග්‍රාම සංකල්පයට අනුව යමින් පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා විසින් කොස් පැළ ඛෙදාදීමක් ද මෙහිදී සිදුකෙරිණි.

ධර්ම දේශනාව ශ්‍රවණයට ගාමිණී ජයවික්‍රම පෙරේරා, පාඨලි චම්පික රණවක යන අමාත්‍යවරුන් ද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ සහ මලිත් ජයතිලක යන මහත්වරුන් ඇතුඑ පළාත් මැති ඇමතිවරුන් ද රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසි සැදැහැවත්හු විශාල පිරිසක් එක්ව සිටියහ.

Read more

Local News