අද සිට සීගිරිය නැරඹුම් වේලාවන් වෙනස් වෙයි

Share

සීගිරිය නැරඹුම් වේලාවන් අද(15) සිට සංශෝධනය කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබේ.

එම අරමුදල සඳහන් කළේ සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන් එම පියවර ගන්නා බවයි.

මේ වන විට උදෑසන 08.00 සිට සීගිරිය නැරඹීම සඳහා සංචාරකයින්ට අවස්ථාව හිමිවෙයි.

නව සංශෝධනයන් අනුව උදෑසන 06.30 සිට සීගිරිය නැරඹීමට අවස්ථාව හිමි වනු ඇතී.

උදෑසන කාලයේ සංචාරකයන්ගේ පැමිණිම වැඩි වශයෙන් සිදුවන බැවින් සිදුවන තදබදයට විසඳුමක් ලෙස මෙම තීරණය ගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේය.

Read more

Local News