පළාත් කිහිපයකට වැසි

Share

නැගෙනහිර, උතුරු-මැද, උතුරු සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

හම්බන්තොට සිට පොතුවිල් සහ ත්‍රිකුණාමලය හරහා මුලතිවු දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 පමණ වේ.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ මාතර සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40-45 දක්වා වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News